2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් දේව මෙහෙයක් සහ සැමරුමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here