අදට වසර 5කට පෙර පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූවන් සිහිපත්කරමින් අද (21) උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.

ඊට සමගාමීව අද උදෑසන 8.45 ට දිවයිනේ සියලු කතෝලික දේවස්ථාන වල ඝණ්ඪාර නාද කරන බවයි කතෝලික සභාව නිවේදනය කළේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරුදින සිදු වූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 273 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, එදින පළමු බෝම්බ ප්‍රහාරය උදෑසන 8.45 ට එල්ල වී තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here