ශ්‍රි පාද උඩ මළුවේ සිට පහලට පැන අතුරුදහන් වු තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු (21) දින පස්වරුවේ නතර කල බව ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණදෙණ නිලධාරිවරයා පැවසිය.

හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි දිනේෂ් හේමන්ත නැමති (33) හැවිරිදි තරුණයා ඉකුත් (19) දින උදැසන 10 ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහලට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහලට පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

අතුරුදහන් වු තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහලට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහලට බැස (20) දින සිට මෙහෙයුමක් දියත් කර තිබුණද අතුරුදහන් වු තරුණයා පිලිබදව කිසිදු තොරතුරක් නොලැබුණු නිසා ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේද උපදෙස් පරිදි මෙසහෙයුම නතර කල බවයි අණදෙණ නිලධාරිවරයා කියා සිටියේ.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන ඇති තරුණයා රක්ෂිතය දිගේ පහලට පැමිණ පලා යන්නට ඇති බව ආරක්ෂක අංශ නිලධාරින් සැකකරන අතර , එම තරුණයා ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැනිමට ප්‍රථම ශ්‍රි පාද උඩ මළුවේදි සිහි විකල්ව සිටි බවට තොරතුරු අනාවරණය වි ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here