ඈ අශී ප්‍රබෝධනී. (ජීවිතේ මහා දිග හීන මවන් හිටපු අවුරුදු 19ක පුංචි කෙල්ලක්….)
ඒත් එකෝමත් එක දවසක, ඒ ‘හීන’ අතරමඟ ඒ කෙල්ලව ‘යකඩ ගොඩක්’ බිල්ලට ගන්නවා. ඊයේ දිනයේ කන්තලේ රජඇල මාර්ගයේ, චූලාභය අතුරු මාර්ගයේ දී ‘බීමත් රියදුරෙකු’ගේ වෑන් රථයක් ‘කිසිදු හිරිහැරයක් හෝ බාධාවක්’ හෝ නොමැතිව ගමන් කරමින් සිටි ‘අශී’ව සඳහටම නිහඬ කර තිබුණා. (මෙම රියදුරු එම අවස්ථාවේ කුඩා දරුවෙකු ද රියදුරු අසුනේ තබාගෙන සිට තිබෙනවා…)
කන්තලේ, රජඇල ප්‍රදේශයේ පදිංචි ‘අශි’, බොහෝ ආදරණීයයන්ගේ හදවත්වලට ‘දරුණුතම වේදනාවක්’ උරුම කරමින් සමුගන්න සුදානම් වනවා.
අනතුරින් පසුව ‘වෑන් රිය’ නොනවත්වා ධාවනය කෙරූ ‘හිත් පිත් නැති රියදුරු’ තවමත් අස්ථානගත වී ඇති බැව් පොලිසිිය කියනවා. (ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකයි)
‘අශී’ ගැන ඈට ආදරේ කළ බොහෝමයක් ‘උන්’ සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණා. (ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න…)
‘එක දවසක මට Friend Request එකක් ඇවිල්ලා තිබුනා ලස්සන කෙල්ලෙක්ගෙන්. පස්සේ බලනවා කියලා හිතුනත් එ Request එක බලන්නම හිතුනා ඔපන් කරද්දි මගේ පුංචිගෙ පුතා කවර් පොටෝ එකේ ඉන්නවා. එතකොට හිතුනා මල්ලිගෙ කෙල්ල වෙන්න ඇති කියලා පොටෝ ටිකත් බැලුවා. කෙල්ල ටිකකින් කෝල් එකක් ගත්තා මට කෙල්ල කියනවා චුටි අයියා මං සම්පත මැරි කරන්න ඉන්න නංගි එහෙම කියලා . මල්ලි මට කතා කරන්නෙ චුටි අයියා කියලා මං මල්ලිට කතා කරන්නෙ සම්පත කියලා. කොහොම හරි එ චැට් එක එතනින් ඉවර උනා ආයෙත් කෙල්ලව දැක්කෙ කන්තලේ චාඕ මියුසිකල් එකෙදි මල්ලියි නංගියි දෙන්න ඩාන්ස් කරන දිහා බලන් හිටියා එ දවසත් එහෙම ගෙවුනා ඉතින්….. නංගිට එ සිද්දිය වෙලා මල්ලි කතා කරලා කියද්දි අඩ අඩා එ වචන ටික අහාන්න පව් කරා මං මං මේ අප්ලෝර්ඩ් කරපු පොස්ට් එක වගේ පොස්ට් ඇති තරම් හදලා තියෙනවා එත් චුටි නංගි ඔයාටත් පොස්ට් එකක් මට හදන්න වෙයි කියලා හිනෙන්වත් හිතුවේ නැ. තාම අවුරුදු 19 ජිවිතෙ පටන් ගන්න හැදුවා විතරයි. දෙන්නා එක්ක කොච්චර හීන මවන්න ඇතිද මල්ලිට තියෙනවා ටු ස්ටෝක් වීල් එකක් දෙන්නා එක්ක ඒකේ නොගිය තැනක් නැතුව ඇති එත් එ හැම දෙයක්ම හීනයක් වෙලා නංගි නැති වෙන අන්තිම තප්පරයත් මල්ලි එක්ක කෝල් එකේ ඉන්නෙ එතකොටයි හැප්පෙන්නෙ කෙල්ලගෙ අවසන් හුස්ම පොද වැටුනෙත් කොල්ලා එක්කමයි. කෙල්ලගෙ පොටෝ ටික දැක්කට පස්සෙ සතුටු උනා මල්ලි ලස්සන චාම් කෙල්ලෙක් සෙට් කරන් ඉන්නේ කියලා කෙල්ලගෙ කොන්ඩේ තියෙනවා දනහිස ලගට අඩම්බර උනා එතකොට පවුලට එකතු වෙන ලස්සනම කෙල්ල කියලා එත් ඇයි මෙහෙම උනේ. කෙල්ලව දැකලාවත් නැති මගේ MOTHER TRINCO ගෲප් එකේ කොල්ලෝ ගොඩක් කතා කරලා මේ විස්තරය ඇහුවා ආහන ඔක්කොගෙම ඇස් වලට කදුලක් ආවා මේ රත්තරන් කෙල්ලට වෙච්ච දේ අහාලා. මට මේ සිද්දිය මෙහෙම දැනෙනවානම් මල්ලිට එ නංගිගෙ ගෙදර අයට කොහොම දැනෙනවා අතිද. යාලුවෙක් කිව්වා නංගිගෙ මුනේ හම පාරේ තියෙනවා කියලා අනේ මැණිකගේ මුනේ කුරුලැවක්වත් නැ බලන්නකෝ පොටෝ වල මගේ නංගි මොන වරදක් කලාටද එහෙම දෙයක් උනේ එයාට මේ දුක්කිත සසරට එන්න එපා මැණික ආයේත් මගේ චුටි නංගිට අජරාමර නිවන් සුවයම ලැබෙන්න ඔනී . ගොඩක් ආදරේයි මං ඔයාගේ චුටි අයියා!!’
‘මගෙ සුදූ මාව දාල යන්නම ගිහිම් චූටි අයියේ ඉවසගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියල තාම හිතාගන්න බෑ උන දේ හීනයක් වගේ කියාගන්න බැරි තරම් දුකක් තියෙනව හිතේ එයා නැතුව මන් කොහොමද ඉස්සරහට යන්නෙ මගෙ සුදූ එක්ක මන් හැමදේම කතා කරල ප්ලෑන් කරල තිබ්බෙ හීන ඔක්කොම ඉවරයි දැන්!!’
‘මං ඉස්කෝලෙට මුලින්ම ආවට පස්සෙ මාව හොයාගෙන ඇවිල්ලා මාව බදාගත්තා කවදාවත් දන්නැති කෙනෙක් උනත්ඔයා මගෙ නංගි කිය කිය මගෙ මූන මිරිකනවා..හැමදාම උදේට මාව බලන්න ආවා…හැබැයි ඉස්කෝලෙන් ගියාට පස්සෙ නම් කතා කරන්න බැරි උනා…කවදාවත් හිතුවෙ නැ මෙහෙම වෙයි කියලා..ඔයාට නිවන් සුව අක්කෙ!!’





