ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘බිඳි යාමේ’ ප්‍රධාන වගකිවයුත්තා ‘මෛත්‍රීපාල සිරිසේන’ බැව් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරනවා.

අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ‘සංජීව එදිරිමාන්න’ කියා සිටියේ, හිටපු ජනපතිවරයා 2015 වසරේ ගත් වැරදි තීන්දුවක් නිසා, ‘ඓතිහාසික පක්ෂයක්’ විනාශයට පත්වූ බවයි.

එමෙන්ම ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන් ‘සකාච්ඡා කිරීම’ට මෙය සුදුසු කාල වකවානුවක් නොවන බවත් ඔහු සඳහන් කළා.

‘මහින්ද මහත්තයා තාම නමක් දුන් නෑ. එතුමා එතුමාගේ අත්අකුරින්ම ලියලා එවයි. අනිවාර්යෙන්ම එතුමා එවන නම තමයි අපි ගන්නෙ. මහින්ද රාජපක්ෂ අපේ දේශපාලන වීරයා. මේ රටේ යම් පිරිසකට, මේ රටේ සිද්ධ වුණු දේවල් දන්නෙ නැතුවට මහින්ද රාජපක්ෂ ලබන ආත්මෙත් අපට දේශපාලන වීරයෙක්!!’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here