ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති දුම්රිය සංචාරක බංගලාවක් තුල දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය ඉංජිනේරුවරුන් පිරිසක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.

ඊයේ රාත්‍රියේ අටට පමණ මෙම සාමාන්‍යාධිකාරිවරයා මෙම ස්ථානයට නවාතැන් ගැනීමට පැමිණ ඇති අතර අද දින බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරේදී පැවැත්වෙන උත්සවයක් සඳහා සහභාගි වීමට නියමිතව සිට තිබේ.

බංගලාව සේවකයින් විසින් අද උදෑසන හයයි තිහට පමණ තේ එකක් ලබාදීම සඳහා සාමාන්‍යාධිකාරිවරයාට කතා කර ඇති අතර ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් පසුව එම සංචාරක බංගලාවේම නවාතැන් ගැන සිට නිලධාරීන් විසින් සාමාන්‍යාධිකාරිවරයාගේ දුරකථනයට ඇමතුම් කීපයක් ලබාගෙන ඇති අතර ඊට ද ප්‍රතිචාර නොදැක්වූ හෙයින් එම කාමරයේ දොරගුළු කඩා පරීක්ෂාකොට තිබේ.

එහිදී සාමාන්‍යාධිකාරිවරයා බිම වැටී සිට ඇති අතර 1990 හදිසි ගිලන් රථ සේවාව ගෙන්වා සාමාන්‍ය අධිකාරිවරයාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.

මේ වන විට මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

(ඉන්දික රංගජිව – අනුරාධපුරය)

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here