දියතලාව Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වු අනතුරෙන් පසු Fox Hill Journey නමින් පවත්වන ලද DJ රාත්‍රිය සම්බන්දයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Fox Hill සුපක්‍රොස් තරඟාවලිය අතරතුර සිදුවූ අනතුරෙන් පසු බණ්ඩාරවෙල හෝටලයක Fox Hill Journey නමින් DJ රාත්‍රියක් යුද්ධ හමුදාවේ පැවැත්වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවත්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාව මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

එම DJ රාත්‍රිය ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ (SLAS) අනුග්‍රහය සහිතව සංවිධානය කළ වැඩසටහනක් නොවන බව මෙම නිවේදනයේ සඳහන්.

එය අදාළ හෝටලය මගින් Fox Hill සුපර්කොස් තරඟාවලියේ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද්දක් බවත්, ඒ සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවත් යුද හමුදාව තවදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here