ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙක්.
අද (23) අලුයම 31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත සහාය පිහිණුම් ඉසව්වක් සංවිධානය කර තිබුණා.
තරගය අතරතුර ගෝපාල් රාඕ සංවිධායකයින් වෙත දැනුම්දී ඇත්තේ තමන්ට ශ්වසන අපහසුතාවයක් ඇති බවත් එහිදී අදාළ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
මෙම සිදුවීමත් සමග සංවිධායකයින් විසින් එම පිහිනීමේ ඉසව්ව අවලංගු කර නැවත ඉන්දියාව බලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.