2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ඊයේ (24) සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්තාවේ දී අනාවරණය වී තිබුණා.

බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගෙන් බලපත්‍ර බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබූ කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටි බවට වාර්තා වනවා.

එහිදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වා තිබුණේ බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් වාරික වශයෙන් අයකරගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.

කෙසේවෙතත් එම ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ජූනි 30 වනදා වන විට අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව නියෝග කර තිබෙනවා.

2024 වසරට අදාළව පළමු කාර්තුව තුළ සුරාබදු දෙපාර්තමේන්තු ඔවුන්ට ලබාදී තිබු බදු මුදල වන බිලියන 52න් බිලියන 51ක් මේ වන විට එකතු කර ගැනීම මගින් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා තිබීම පිළිබඳව මෙහිදී කාරක සභාවේ ප්‍රසාදය පළ වු බව සඳහන් වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here