විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය.
මෙසේ මුදල් ලබාගන්නා ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නියෝග කළේය.
මෙම විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා සෑම පහසුකමක් ම ලබා දෙන ලෙස අමාත්‍යවරයා කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දුන්නේය.
බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර කිසිදු පාර්ශ්වයකට විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීමට බලයක් නොමැති බව කී අමාත්‍යවරයා මෙම සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලි අනුව තරාතිරම නොබලා සැකකරුවන්ට එරෙහිව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
පුද්ගල තරාතිරම කුමක් වුවත් මෙවැනි වංචාවන්ට හසුවී ඇත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ පැමිණිලි කරන ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කළේය.