සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. 

ලබන මැයි මස දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේ.

2016 වසරේදි අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීම හේතුවෙන්, මෙම ගැටලුව මතුව තිබේ. 

පසුගිය කාල තුළ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ, එම වැටුප් ගැටලුව  නිවැරදි කරන්නැයි ඉල්ලමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here