වසර පහක සිර දඬුවමක් නියමව දුම්බර බෝගම්බර බන්ධානාගාරයට යොමුකර සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ දී ටියුබ් ලයිට් එකක් කුඩුකර එහි කොටස් ගිල දැමීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 18 ට ඇතුළත් කර තිබේ.
ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති 42 හැවිරිදි අදාළ පුද්ගලයාට 2022 වසරේ දෙසැබ්බර් මාසයේ දී අධිකරණය මගින් වසර පහක සිරදඬුවමක් නියමකර ඇත්තේ සොරකම් කිරීමේ සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසුය.
තමන් සතුව ජංගම දුරකතනයක් තිබෙන්නේද කියා විමසමින් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු කාමරයකට රැගෙන ගොස් පහර දුන් බවත් එම අවස්ථාවේ කාමරයේ තිබූ ටියුබ් බල්බය බිඳ එහි කොටස් ගිල දැමූ බවත් අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත.උදරයේ දැවිල්ල සමඟ පවතින අධික වේදනාව හේතුවෙන් අදාළ පුද්ගලයා ස්කෑන් පරීක්ෂණයකට යොමුකර වාර්තාවක් ලබා ගැනීමට වෛද්‍යවරු පියවර ගෙන තිබේ.
(කමල් සුරවීර – මහනුවර)