පාසල් උත්සවයක තමා මිත්‍රවරුනි යනුවෙන් ආමන්ත්‍රණය කළ බවත් මේ දුවාදරුවන් පවා හතුරන් නොව මිතුරන් බවත් මිත්‍රත්වයේ හස්තය දිගු කරණ බවත් එය තමන්ට වාසි ලබා ගන්නා හස්තයක් නොව දුදරුවන්ට සදාකාලික සම්පතක් වන අධ්‍යාපනයේ අර්ථය ලබා දෙන වචනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා දරුවන්ට මිත්‍රයිනේ කියු ව්ට එක් පුද්ගලයෙක් එය විවේදනය කළ බවත් ඔවුන් වගේ දරුවන් සතුරන් ලෙස දකිමින් පාසල් ගිනි තියමින් තමා කටයුතු නොකළ නිසා දරුවන්ටද මිත්‍රත්වයේ දෑත් දිගු කළ බවත් තමාට සතුරු යන වචනය පුරුදු නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු කොපමණ වයසින් වැඩි හෝ අඩු වුවත් ජාති ආගම් පන්ති පක්ෂ කුල මල⁣ භේදයකින් ⁣තොරව මිත්‍රයින් බවත් ලක්ෂ 220ම තමාගේ මිත්‍රයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 166 වැනි අදියර යටතේ ගම්පහ අත්තනගල්ල ඌරාපොළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here