මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම යන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 9ක් වූ බිළිඳියක් ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 30ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (28) උදෑසන බිළිඳියව කවුරුන් හෝ විසින් රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් පැමිණිලි කළ බවය.
පසුව පැමිණිකරු පදිංචිව සිටි නිවස ආසන්නයේ ළිඳක් තුළ තිබී බිළිඳියකගේ සිරුර ගොඩ ගෙන තිබේ.
සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මව විසින් බිළිඳියව ළිඳට දමා ඇති බවය.
මහබාගේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ff