පහරදී ඝාතනය කල බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පාවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැල්පොල , පරගස්තොට, නවෝද්‍යා මාවතේ පදිංචිව සිටී පල්ලවත්තගේ ධර්මවර්ධන නමැති 54 අවිවාහකයකු බව පොලිසිය කීය.

ඝාතනය සම්බන්දයෙන් හිටපු නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිසියේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්වත්ත පාර, කලපුගම සහ කොස්මැදේ පාර කලපුගම ප්‍රදේශයේ පදිංචි 24 සහ 18 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදුකිරිමෙන් පසු මොරොන්තුඩුව ප්‍රදේශයට පලාගොස් ඇති බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක්ව ඇති තැනැත්තා දින දෙකකට පෙර ආරවුලක් ඇතිකර ගෙන ඇති බවත් , පැල්පොල බේකරිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ පහරදීම සිදුකර ඇදගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා අතුරුදන් බවට ඊයේ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලිසිය කීය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර

ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here