ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර සාකච්ජාවක් ඊයේ(30) සවස යාපනය,පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

දිවයිනට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු, පරිසරය සහ ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව එහිදි සාකච්ජා කළහ.

යුධ සමයේ ජාත්‍යන්තර සාම නියෝජිත ලෙස එරිල් සෝල්හයිම් මහතා කටයුතු කළ අතර, හෙතෙම එවක අවස්ථා රැසකදී උතුරු පළාතට පැමිණ තිබිණ.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here