වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
ඊට සමගාමීව අද කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා සදහන් කරයි.
මේ අතර වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද දහවල් 12.00 සිට අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය ද පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවය එහි මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා පැවසුවේ.