චීනයේ Guangdong පළාතට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කඳුකරයේ අධිවේගී මාර්ගයක මීටර් 17.9 ක කොටසක් නාය යාමට ලක්වීම හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
අනතුරට මුහුණ දුන් පිරිස මුදාගැනීම සඳහා 500ක පමණ පිරිසක් යොදවා තිබූ අතර මාර්ගය නායයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.