අද ආරම්භ වන අස්වැසුම සතියේ කටයුතුවලින් ඉවත් වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව මෙම පියවර ගත් බවයි.
අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර හා පුද්ගලයින්ගෙන් අභියාචනා, විරෝධතා භාරගෙන දැනට මාස කිහිපයක් ගතවී ඇති බව එම සංගමය පවසයි.
කෙසේ වෙතත් එම වැඩසටහන ක්‍රියාත්මක කළ පරිගණක දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටළු ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් අභියාචනා හා විරෝධතා පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට නොහැකිවී ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කළේ.
එමෙන්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අදාල ගැටලු විසඳීමට හා අනෙකුත් පැන නැගී ඇති ගැටලු විසඳීමට ද නොහැකිවී ඇති බව එම සංගමය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසුවේ, මෙම තත්ත්වය අවස්ථා ගණනාවකදි පෙන්වා දුන්න ද එම ගැටලු විසඳීමට සුබසාධක මණ්ඩලය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.
මේ අතර, අස්වැසුම සතිය තුළ තමන්ට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නොපැමිණෙන ලෙස එම සංගමය අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දෙයි.