ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මල සිරුරක් (05) දින හමු වු බව ආගරපතන පොලිසිය පැවසිය. 

එම රක්ෂිතයේ දැර කැපිමට ගිය වතු කම්කරුවන් පිරිසක් රක්ෂිතය තුල තිබු මල සිරුර සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය දැනුවත් කර ඇත.

රක්ෂිතය තුල ඇති පුද්ගල මල සිරුර දැඩි ලෙස නරක් වි දුගන්ධයක් හමන තත්ත්වයේ පවතින බවත් , සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

( හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here