යෝජිත කොළඹ නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවක්, අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර සැලැස්ම සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් කොළඹ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීම, ජනතාවට පහසු වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ බස්රථ නැවතුම්පොළ ස්ථාපිත කිරීම මෙන්ම එමගින් හිස්වන භුමි සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජන සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලූ බවයි කියන්නේ.

කොළඹින් පිටත සිට පැමිණෙන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අපහසුතාවයක් නොවන පරිදි සහ වෙළඳ ප්‍රජාව අපහසුතාවට පත් නොවන අයුරින් මෙම සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ඔහු අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව පැවසෙනවා. පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here