අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (7) නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් විජයදාස රාජපක්ෂ මහතා වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

ඒ මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here