පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ භාන්ඩ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් තරුණියක අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසයි.

පානදුර පින්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැදවේල්ල පාර පදිංචි 41 හැවිරිදි විවාහක පරිපාලන නිලධාරියෙක් විසින් කල පැමිණිල්ලක් මත පරීක්ෂණ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.

පැමිණිලිකරු කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී සැකකාරිය හදුනාගෙන ඇති අතර ,ඉන්පසු ඇය විවාහ කරගැනීමට තීරණය කර සිය රූමත් බිරිඳව ද මගහැර ඇති බවත් ඇය නිවසට යාම් ඊම් සිදුකර ඇති බවත් සදහන් වේ.

සැකකාරිය තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිට ඇති අතර , තවත් තරුණයෙකු සමග එක්ව නිවසේ පිටුපස ජනේලයකින් ඇතුල්වී නවීන ලැප්ටොප් යන්ත්‍රයක් , අගල් 55 රූපවාහිනී යන්ත්‍රයක් , සබ් ඌෆර් යන්ත්‍රයක් , වටිනා අත් ඔරලෝසු , විදුලි ස්ත්‍රීක්කයක්, ඇය විසින් සොරකම් කරන ලද තවත් භාණ්ඩ රැසක් ප්‍රදේශයේ විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවි කොට ඇති අතර ඒවා ද පින්වත්ත පොලිසිය මගින් සොයා ගැනීම් සිදුකරනු ලබයි.

එම නිවසේ තිබූ භාන්ඩ සොරකම් කිරීම සඳහා තවත් පුද්ගලයකු සමග මැදවේල්ල පාරේ ගමන් කරන අයුරු සහ සොරකම් කරන ලද භාණ්ඩ ත්‍රිවිල් රථයකින් පටවා ගෙන යන අයුරු සීසී ටීවී කැමරාවක සටහන්ව තිබුණි.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here