ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ කණ්ඩායම් වශයෙන් කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100%කින් වැඩි කළ අතර, ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරේ.

මේ අතර එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා වන ක්‍රීඩක ගාස්තු සියයට 25කින් ඉහළ දමා තිබෙනවා.

මෙහිදී ටෙස්ට් තරග ගාස්තු කුසලතා මත පදනම් ව ඉහළ නංවා ඇති අතර, නවතම ක්‍රීඩක ගාස්තු ඉහළ නැංවීම යටතේ ටෙස්ට් ආකෘතිය සඳහා සීයට සියයකින් වැඩි කර ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්වන ක්‍රීඩකයින් ඇගයීමට ද තීරණය කර ඇති අතර එවැනි අවස්ථාවක දී ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණ සිදු කරන මූල්‍යමය ගෙවීමක් සිදු කිරීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම ආකෘතියක්ම ආවරණය වන පරිදි ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා හෝ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් එම ත්‍යාගය ලබාදෙනු ලබනවා.

මේ අතර, ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහත කී කාණ්ඩවල 10 වැනි සහ 2 වැනි ස්ථාන අතර ශ්‍රේණිගත කිරීමකට ක්‍රීඩකයකු පැමිණියහොත් එවැනි ක්‍රීඩකයන් ද එක්වර ගෙවීමක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඉහත කොන්දේවලට යටත්ව කොන්ත්‍රාත් පිරිනමන ලද ක්‍රීඩකයන් පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here