“යුක්තිය” මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ සිටින බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 3ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබෙනවා.