හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කෝප්‍රල්වරයා ලබන 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් අභිමානී සෙනවිරත්න මෙනවිය එහිදී නියෝග කළා.

සැකකාර කෝප්‍රල්වරයා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවකගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වු බවයි.

අදාළ කාන්තාව විසින් ලබාදුන් හෙරොයින් යතුරුපැදියකින් බෙදාහැරීමේ කටයුතු කාලයක සිට මොහු විසින් සිදුකර ඇති බව පෙන්වාදුන් පොලීසිය සැකකාර කෝප්‍රල්වරයා අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවුවෙකු බවට අනාවරණය වී ඇති බවද අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here