බලන්ගොඩ වැලිගෙපොළ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු මගිි ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් තුලට එම මාර්ගයේම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කල යකඩ බට ප්‍රවාහනය කල ලොරි රථයක යකඩ බට කිහිපයක් ඇතුළු විිම හේතුවෙන් ඇති වු බිහිසුණු අනතුරකින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ආපසු බස් රථයෙන් පැමිණමින් සිටි සිසුවියකගේ ගෙළ සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදු විි ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඇගේ තත්ත්වයත් බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර පලාත් රෝහල වෙත මාරැ කර යවා ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.
ඉඔුලාමුර ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු එම බස් රථය සහ බලන්ගොඩ සිට වැලිගෙපොළ දෙසට ධාවනය වෙමින් තිබු යකඩ බට ප්‍රවාහනය කරමින් තිබුණ ටිපර් රථයක් එකිනෙකට මාරැ කරන අවස්ථාවෙිිදි ටිපර් රථය බස් රථය දෙසට ඇළවිි එහි තිබුණ යකඩ බට කිහිපයක් බස් රථය තුලට විම හේතුවෙන් එම අනතුර සිදුව තිබෙි.ඒ හේතුවෙන් බස් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙි.
පොලිසිය සදහන් කලේ ටිපර් රථ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අන්තරාදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය කිරිම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සමිබන්ධයෙන් බස් රථ සහ ලොරි රථ රියදුරන් දෙදෙනා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
(ආනන්ද තිස්ස -බලන්ගොඩ)