වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ පුද්ගලයා ලෙස නේපාලයේ කමි රිටා(Kami Rita) වාර්තා පොතට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කඳු නඟින්නන්ට මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන රිටා මෙවර එවරස්ට් කඳු මුදුනට ළඟා වී ඇත්තේ 29 වැනි වතාවටයි.

කමි රිටා මෙමගින් තමා විසින් පිහිටුවා තිබූ වාර්තාවක් යළිත් වරක් අලුත් කිරීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

54 හැවිරිදි වියේ පසුවන කමි රිටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඔහු පළමුවරට එවරස්ට් තරණය ආරම්භ කර ඇත්තේ, 1994 දී වන අතර එතැන් සිට සෑම වසරකම එවරස්ට් තරණය කර තිබේ.

කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here