ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කෙරෙමින් පවතින බව රජය පවසයි.
රජය තවදුරට ත් සඳහන් කර ඇත්තේ, විකල්පයක් වශයෙන් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළෙඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර ඇති බව ය.
එකී ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.