ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොළිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත භාරදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී මේ බව පැවසුවා.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් සංඛ්‍යාව, මිලියන 1.1 කි.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, එක් අයෙකු බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද එහිදී සොයා බලන බවයි.
මේ අතර, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.