රිදී තරයේ සුන්දර නිළි ‘දිල්හානි ඒකනායක’ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු ‘චරිතයක්’ නොවෙයි.
එදා සිට අද දක්වා ‘ප්‍රේක්ෂක ආදරය’ අප්‍රමාණව විඳින ඈ, ජනප්‍රිය වාණිජ සිනමාවේ රැඟුම් පෑ අතිදක්ෂ රංගන ශිල්පිනියක් වූවා. මෑතක තිරගත වූ ඇය රංගනයෙන් දායක වූ ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයත් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘චිත්‍රපට කතාවක්’ බවට පත් වෙලා.
ඉන් එහා… මෑතක ‘ප්‍රියංකර පෙරේරා’ අසනීප තත්ත්වයත් සමඟ ඈ ගැන බොහෝ දේ කතා කරන්නට ‘ප්‍රේක්ෂකයින්’ පෙළඹුණා. (ඔවුන්ගේ සැක සංකා දුරු කරන්න ප්‍රියංකරගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හරින්නත් ඇයට සිදුවුණා.)
දැන් නැවත වතාවක් ඈ ගැන සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවෙලා. ඒ අන් යමක් නිසා නොව ඈ ‘හිස බූ ගෑ’ ඡායාරූපයක් නිසයි.
යම් නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් ඈ ‘හිස බූ ගා’ ඇති අතර, බැලූ බැල්මට එය යම් ‘රූපලාවන්‍ය ශිල්පියෙකුගේ’ අතිදක්ෂ නිමැවුමක් කිව හැකියි.





