2024 අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (18) රාත්‍රියේ සිදු වුණා

ඒ ඊයේ පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහි තරගය ලකුණු ලකුණු 27කින් පරාජය වීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 218ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 191ක් පමණයි.

මෙම තරගය ලකුණු 27කින් ජයගැනීමත් සමඟ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සුපිරි හතරදෙනා අතරට පිවිසියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here