ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) එක්වූ මීටර 100 පිරිමි ඉසව්වේ සිව් වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

එහිදී ඔහු තත්පර 10.21 තරගය නිමාකරනු ලැබුවා.

එහිදී මෙම තරගයේ පළමුවැනි ස්ථානයට පත් වීමට ඔලිම්පික් ශූර Marcell Jacobs සමත් වුණා.

තත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන් එම තරගයට අවසන් කිරීමට හැකිවූයේ නම් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඔහුට හැකියාව තිබුණා.

මේ අතර, ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර, හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරග වදිනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here