නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත බවට වාර්තා වනවා.
එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ , මාර්ගය විවෘතව තැබීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගනු ඇති බවයි.
මේ අතර ඊයේ (18) පස්වරුවේ මලිත්තගොල්ල ප්‍රදේශයෙන් වසා දැමුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය, රථ වාහන ධාවනය සඳහා අද උදෑසන යළි විවෘත කෙරුණා.