සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27ත් 31ත් අතර දිනක පක්ෂ නායකයන් අතර විවාදය ජුනි මස 03 ත් 07 ත් අතර දිනක් ලබාදීමට කටයුතු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

මේ බව ජාතික ජන බලවේගයට ලිඛිතව දැනුම් දී තිබෙන බව ඔහු පවසා සිටියා.

මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම විවාදයේ ආවරණ කටයුතු සඳහා සියලු මාධ්‍ය ආයතන වලට ආරාධනා කරන බවත් බණ්ඩාර මහතා තවදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here