පදවිය, ඕමාරකඩ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි පුද්ගලයෙකුට සිදුකල වෙඩි තැබීමකින් ඔහු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තම නිවස ආසන්නයේදී පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබුවේ පදවිය, ඕමාරකඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 පමණ වයසේ පසුවන පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදුකල බවට සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බව අනාවරණය වෙයි. මේ සම්බන්ධයෙන් පදවිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඉන්දික රංගජිව -අනුරාධපුරය)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here