ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට වීසා බලපත්‍රය ලැබී තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය අතර කුසල් මෙන්ඩිස් හට වීසා නොලැබීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි වුණා.
එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු ලබා දීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඔහුට වීසා ලැබීම ප්‍රතිකේෂ්ප වුණා.
ff