තලවකැලේ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් කුඩා ළමයෙක් ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (22) දින පස්වරු 4 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු මොටර් රථය පවතින අධික වර්ෂාවත් සමග ලිස්සාගොස් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

පවතින වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හමුවේ වාහන ධාවනය කිරිමේදි ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් සහ මාර්ගයට ගස් කඩා වැටිමේ අවධානමක් පවතින වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here