HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී තිබෙනවා.
මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත නිපදවූ ‘ඩියුක් වැක්සීන්’ ආයතනය පවසනවා.
ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරනු ලබන HIV වෛරසය ආසාදනය වූ පසු සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම සිදු වනවා.
‘ඩියුක් වැක්සීන්’ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම එන්නත විසින් සිරුරට ඇතුළු වුණු HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.
එය සිදුවන්නේ එන්නතින් පසුව සිරුරේ අලුතින් නිපදවන ප්‍රතිදේහවලින් බව එම ආයතනය පවසනවා.
ඒඩ්ස් ආසාදිතයින් යොදා ගනිමින් නව එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදාගත් බවත්, සාර්ථක ප්‍රතිඵල දකින්න ලැබුණු බවත් ‘ඩියුක් වැක්සීන්’ ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙනවා.