අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය ජාලවල ‘Doge meme’ තුළින් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ශිබා ඉනු වර්ගයේ සුරතල් සුනඛයා මිය ගොස් තිබෙනවා.

ජපානයේ ජීවත් වුණු මෙම සුනඛයාගෙ සැබෑ නම වන්නේ කබෝසු (Kabosu).

මියයන විට ඇයගේ වයස අවුරුදු 18ක්.

කබෝසුගේ ඡායාරුපයක් 2013 වසරේ දී පමණ අන්තර්ජාලය තුළ විශාල වශයෙන් පැතිරෙන්නට වූ අතර එය වර්තමානය දක්වාම විවිධ ‘මීම්ස්’ වල මෙන්ම සමාජ මාධ්‍ය නිර්මාණවලද අන්තර්ගත වෙමින් පවතිනවා.

ලොව ජනප්‍රිය cryptocurrency ඒකකයක් වන Dogecoin නිර්මාණය වීමටද මෙම කබෝසුගේ රූපය යොදාගෙන තිබුණා.

ජපානයේ චිබා ප්‍රාන්තයේ වෙසෙන 62 හැවිරිදි ගුරුවරියක වන කබෝසුගේ හිමිකාරිනිය වන Atsuko Sato පවසා තිබුණේ අද (24) තමාගේ අත්ල මත සිටිය දී මෙම සුරතල් සුනඛයා මිය ගිය බවයි.

වසර 14ක පමණ සිට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියතාවයට පත්ව සිටි මෙම සුනඛයා මිය යෑමට පෙර ලියුකේමියාවෙන් සහ අක්මා රෝගයකින් පෙළෙමින් සිටි බවයි කියන්නේ.

“මම ඇයව සුරතල් කරමින් සිටියා. ඇය මගේ අත්ල මතම මිය ගියා” යි Atsuko Sato පවසා තිබෙනවා.

ලොවේ ආදරය දිනූ කබෝසුට සමුදීමේ උත්සවක් මැයි 26 ඉරිදා ජපානයේ, Narita City හි Kotsu no Mori හි Flower Kaori හි දී පැවැත්වෙන බවයි කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here