තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි ඊයේ (24) සවස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ,හිනිදුම කුඹුරේගොඩ හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ නිවසේ විදුලිය විසන්ධිවිම නිසා එම නිවසට යාබදව පිහිටි නිවසින් වයරක් ඇද විදුලිය ලබා ගැනිමට වයරය සවි කිරිමේදි විදුලි සැර වැදි  මියගොස් ඇත.

ඔහුව රෝහලට ඇතුලත් කළත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

හිනිදුම පොලිසිය විසින් සිද්ධිය සම්න්ධයෙන් පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here