දැඩි වර්ෂාව නිසා පාලමකින් ඇද වැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 78 කාන්තාවක්.

අද උදෑසන එම ප්‍රදේශයේ කාන්තාවක් වෙළඳසැලකට ගිහින් බිස්කට් පැකට් එකක් අරගෙන නිවසට පැමිණි අවස්ථාවේදී මෙම පාලමේදී ලිස්සිල වැටීම නිසා මෙම කාන්තාව මිය ගොස් තිබෙනවා.

මෙම පාලම සකස් කරල දෙන ලෙස රජයේ බලධාරීන්ට පවසා සිටියත් මේ වන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ගම්වාසීන් පවසනවා.

මීට පෙර අවස්ථා කිහිපයක දීත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානයෙන් වැටී ඇති බවයි ජනතාව පවසන්නේ.

පුපුරස්ස පොලිසියෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here