ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදු වූ නායයෑම පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (26) මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
දීර්ඝ කාලීනව එම ප්‍රදේශය ස්ථාවර කිරීමට හැකි ක්‍රම සහ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සොයා බලන බවයි එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ.
Very interesting information!Perfect just what I was searching
for!Blog monry