අද (26) පෙරවරුවේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස්වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනකු බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි හල්දුම්මුල්ල පොලීසිය පවසනවා.
හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු මේ සිදුවීමෙන් බරපතල තුවාල ලබා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.
සැකකරුවන් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හල්දුම්මුල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.