පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත්දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන වන අලින් දෙදෙනෙක් බවට සැලකෙනවා.
වනජීවි නිලධාරීන් පවසන්නේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් මඩෙහි එරී මියයන්නට ඇති බවයි.
අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බව ද වනජීවි නිලධාරීහු සඳහන් කරනවා.
ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායම විසින් හෙට (27) දිනයේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි