දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන තේමාව මූලික කරගනිමින් අද (27) මෙම සංවිධානය ආරම්භ කළා.

එහිදී දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය, විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණා.

අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here