අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා