වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.

කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාල ගැටලුව පවතින බවත් අමාත්‍යවරයා පැවසුවේය. මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සදහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් අමාත්‍යවරයා කීවේය.

ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු කම්කරු වැටුප ඉහළ දැමීම පිළිබඳව දැනුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here