ජංගම දුරකථනයට සවිකල හැන්ඩ් ෆ්‍රී එකක් කනේ ගසාගෙන රේල් පාරේ ගමන් කළ තරුණයෙකු දුම්රියක ගැටී මියගොස් ඇති බව දකුණු කළුතර පොලිසිය ප්‍රකාශ කරයි
අනතුරෙන් මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉමාත් නැමති 21 හැවිරිදි තරුණයෙකු බව සඳහන්වේ.
මියගොස් ඇති තරුණයා කටුකුරුන්ද දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර , අලුත්ගම සිට මරදාන බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ ගැටී ඇති බව දුම්රිය නියාමකගේ ප්‍රකාශ අනුව තහවුරුව ඇති බව පැවසේ.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.
(සම්පත් කුලරත්න – කළුතර)