සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළු වන බැවින් නැවත දැනුම්දෙන තුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. මෙම සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here